Pages

Sunday, June 16, 2019

ළමා කාටුන්


            
         ළමා මනස ඉතා සියුම් ය. ළමා කාලය තුළ දී අනාගතය සඳහා දරුවෙකුගේ මොළය සෙමෙන් වර්ධනය වේ. ඒ වගේම මෙම කාලය තුළදි ළමා මනසේ තැන්පත් වන දේ අනාගතයට ද බලපානු ලබයි.වර්තමානය වන විට බොහෝ රූපවාහිනි මාධ්‍ය බිහි වී තිබේ.  රූපවාහිනි මාධ්‍ය මඟින් විවිධ වූ ළමා කාටුන් දරුවන් වෙත රැගෙන එනු ලබයි. මීට අවුරුදු 20කට පමණ පෙර රූපවහිනි නාලිකා වල දරුවන්ට ආදර්ශමත් ළමා කාටුන් වැඩසටහන් විකාශය විය. දොස්තර හොඳ හිත, මීනා, පංච තන්ත්‍රය, නිම් නැති ලොව වැනි ළමා කාටුන් එකල බිහි වූ වැඩසටහන් ය. ටයිටස් තොටවත්ත මහතා මෙම ළමා කාටුන් නිෂ්පාදනය කිරිමට මූලික විය. 
           

       ගෝලීයකරණය හේතුවෙන් ඇති වී තිබෙන ව්‍යාපාරික ආධිපත්‍යට යටත්ව වර්තමානයේ ළමා කාටුන් වැඩසටහන් නිර්මාණය වේ. දරුවාට සුරංගනා ලෝකයක් මවා දීමට කාටුන් නිෂ්පාදකයෝ සමත් වී තිබේ.  එමෙන්ම ළමා කාටුන් වල තිබෙන ගැටුම් තුළින් ප්‍රචන්ඩත්වය පවා ඉස්මතු වී ඇත. සමහර  කාටුන් වල ප්‍රේම සබඳතා වැනි දේ ද  ඇතුලත් වී තිබේ. වර්තමානයේ විකාශය වන ළමා කාටුන් වැඩසටහන් වල පවතින්නේ  හුදෙක් වාණිජ අරමුණු පමණි. කාටුන් වැඩසටහන් විකාශය වන විට වෙළඳ දැන්වීම් කොපමණ සංඛ්‍යාවක් විකාශය වෙනවාද? එම නිෂ්පාදන වෙත දරුවන් නතු කර ගැනීමට ව්‍යාපාරික ආයතන උත්සාහා ගනී. නමුත් වර්තමානයේ දරුවා හමුවට පැමිණෙන  කාටුන් වැඩසටහන් වල හෝ චිත්‍රපටි වල වටිනාකමක් තිබෙනවාද? නැතිනම් හුදෙක් රසවින්දනය පමණද? මේ පිළිඳබව සිතා බැලීමට දෙමාපියන්ට ද වගකීමක් තිබේ. මීට අවුරුදු ගණනාවකට පෙර බිහි වුණු ළමා කාටුන් බිහි නොවීමට හේතුව ඔබත් සිතන්න. ඉතා සරල විනෝදකාමී ජීවිතයක් ගත කරන දරුවන්ට මෙවැනි ළමා කාටුන් නැරඹීමට ඉඩ ලබා දීම සුදුසුද?                





     

           

                                                                                                                                     

                                                     ගුරුකම        සුධීර‌ගේත් , මලී‌ගෙත් ප්‍රේම සබඳතාවය පිළිබඳ ව දැන සිටි...