“අලි මිනිස් ගැටුම” මේ මෑතක සිට මාධ්‍යය මගින් අපට මනාව හුරු පුරුදු කොට ඇති වදනකි. අලි මිනිස් ගැටුම යනු අප රටට පමණක් සීමා වූවක් නොවේ. එය ආසියා අප්‍රිකා මහාද්වීපයන් හි වනගත සහ ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන් සේම අලි ඇතුන් ද එකසේ මුහුණ පාන ගැටලුවකි. අලි මිනිස් ගැටුම යන වදන සමාජයේ ඉස්මතු වූ ලෙසින් අලි මිනිස් සහජීවනය යන වදන ඉස්මතු නොවීම පුදුම සහගතය. නමුත් අද මෙන් හය හත් ගුණයක වනාන්තර සහ අලි ඇතුන් ගහනයක් පැවැති අතීතයේ සිට මෙරට අලි මිනිස් සහජීවනයක් පැවැතී ඇත.
ලංකාවේ අලි මිනිස් ගැටුමේ ආරම්භය කුමන ආකාරයකින් සිදු වුවත් එය උග්‍ර ලෙස සිදු වීමට තුඩු දුන්නේ 70 දශකයේ අග භාගය පමණ වනවිට මෙරට ඇති කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි. නියම සැලසුමකින් තොරව ආරම්භ කෙරුණු මෙම සංවර්ධන ක්‍රියාදාමය නිසා සිදු වූ වන විනාශය හේතුවෙන් වනඅලින් ඇතුළු සතා සිවුපාවුන්ට ඔවුන්ගේ වාසභූමි අහිමි විය. එමෙන්ම ආහාර හිඟ විය. වන විනාශය නිසා ස්වාභාවික දිය කඩිති වියළී යෑම හේතුවෙන් සතුන්ට අවශ්‍ය පානීය ජලය අහිමි විය. අලිමංකඩ ඇහිරිණි.
මේ ආකාරයේ බොහෝ කරුණු නිසා වනඅලි ගම් වදින්නට විය. ආහාර සොයා වගාබිම් වෙත පැමිණෙන්නට විය. අද වන විට ලංකාවේ අලි මිනිස් ගැටුම දරුණු ලෙස පවතින්නේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වූ සංවර්ධන වැඩසටහන් නිසා ය. මෙසේ වනඅලින්ට තම වාසභූමි අහිමි වෙද්දී වනඅලි නිරන්තරයෙන් ගම් වදින්නට විය. මෙම තත්වය වර්තමානය වනවිට දරුණු ලෙස පවතී. නමුත් වනඅලි ගම්වදින බව ඇතමුන් පැවසුවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී හෙළි වී යන්නේ වනඅලි සිටි ප්‍රදේශවල කැළෑ හෙළි කරමින් ජනතාව පදිංචි වූ ගම්මාන වෙත වනඅලි පිවිසෙන බවය. මේ නිසා ඇති වී තිබෙන්නේ අලි මිනිස් ගැටුමකි. තමා දුක් මහන්සියෙන් ගොඩනගා ගත් වගාවන් විනාශ කරන අලි මරා දමන්නට ද ඇතැම් මිනිස්සු ක්‍රියා කරති. හේන් වලට පැමිණි අලි, හක්කා පටස් කා මිය ගිය ප්‍රවෘත්ති ඕනෑතරම් අසන්නට ලැබේ. මෙයත් අලි මිනිස් ගැටුමේ තවත් එක් ඛේදවාචකයකි.
අනවසරයෙන් කැළෑ හෙළි පෙහෙළි කරමින් සිදු වූ ගොවිතැන් කටයුතු නිසාද, තවත් ආකාරයකින් වනඅලින්ගේ වාසභූමි ඔවුන්ට අහිමි වී තිබේ. එම ගොවිබිම්වල අලින්ට අවශ්‍ය රසමුසු ආහාරපාන තිබේ. ඒවා පහසුවෙන් ලබාගැනීමට හැකිවීම නිසාම වනඅලි එම ගොවිබිම් සඳහා නිරන්තරයෙන් පැමිණේ. ගස්වල අතු හා පොතු, තණ කොළ ආදිය ආහාරයට ගත් අපේ රටේ වනඅලින්ට තම වාසභූමි එළි කරමින් වගා කර ඇති නොයෙක් ආකාරයේ රස බොජුන් නිසාම අලි දැන් එම ආහාරවලට පුරුදු වී හමාරය. වනඅලින්ට වෙනත් සතුන්ට වඩා සුපුරුදු ගති පැවතුම් ඇත. ඒ අතර දැන් වනඅලි වගාබිම්වල ඇති රසවත් ආහාර ලබා ගැනීමට පුරුදු වී ඇත. මේ සියලු සිදුවීම් වන්නේ මිනිසා විසින් සිදු කරන ආත්මාර්ථකාමී ක්‍රියා කලාපය නිසා නොවේද?
මේ ආකාරයෙන් අලි මිනිස් ගැටුම වර්ධනය වෙද්දී ඊට පිළියම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම අලි වැට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ආශ්‍රිතව 1992 වසරේදී කිලෝමීටර් විස්සක් දිගට ඉදි කෙරුණි. එදා සිට අද දක්වා අලි මිනිස් ගැටුම ඇති විවිධ ප්‍රදේශ වල අලි වැට ඉදි වී ඇත. වනඅලින් ඔවුන්ට ආවේණික චර්යාවට අනුව අඩුම තරමින් දවසකට කි. මී. 5ත් - 8ත් අතර දුරක් තුළ ආහාර සොයමින් ඇවිදින අතර, ඒ අනුව අලියා ගොවිපොළවලට කඩා වැදීම වැළැක්වීමට නම් ඒ සතුන්ගේ ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම අවශ්‍යය. කෙසේ නමුත් අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා දේශපාලනික මැදිහත්වීමට වඩා වැදගත් වන්නේ වනඅලින්ගේ චර්යා රටාවන් නිසි අයුරින් අධ්‍යයනය කොට ඒ සඳහා පිළියම් සෙවීමයි. එතෙක් අලි වැටවල් කොතෙක් ඉදි කළද මෙම ගැටලුවට පිළියම් සෙවිය නොහැකි ය.
මේ කරුණ සැලකිල්ලට ගනිමින් අලින් ගම් වැදීම වළක්වා ගැනීමටත්, ඔවුන්ගේ ආහාර ප්‍රශ්නය විසඳීමටත් විසඳුම් සපයන ක්‍රමවේදයක් ගැන සෙවිය යුතුය. එසේ නොමැතිව දිරච්ච කලිසමට අන්ඩ දමනවා සේ විශාල මුදලක් වැය කරමින් අලි වැටවල් ඉදිකිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි ය.
👍👍👍👍👍👍
ReplyDelete👍👍👍👍👍👍
ReplyDeleteEla
ReplyDeleteEla
ReplyDelete👌👌👌👌👌👌
ReplyDeleteනියමයී
ReplyDelete👍👍
ReplyDeleteSupirii
ReplyDelete👍👍
ReplyDeleteNiyamai👍👍
ReplyDeletePatta
ReplyDeletePatta
ReplyDeleteFt
ReplyDeleteLassnai
ReplyDeleteLassanai
ReplyDeleteFt
ReplyDelete